1
00:00:00,000 --> 00:01:33,990
<font color="#2DEA00">✰ SL Anime Club වෙත ඉදිරිපත් කරන 186වන උපසිරැසිය ✰
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම </font>
- අශාන් විදුරංග -

2
00:01:33,990 --> 00:01:36,327
මේ හෙළ කොච්චර ගැඹුරුද කියලා හිතාගන්නත් අමාරුයි.

3
00:01:36,410 --> 00:01:38,157
මට මෙතන ඉඳන් අඩිය පේන්නෙවත් නෑ.

4
00:01:38,240 --> 00:01:39,077
<b><font color="#FFFB8B">හිමෙල් වීරයාගේ මරණයෙන් වසර 30කට පසු</font></b>
 <b><font color="#00FF81">උතුරු සානුව, මහා ටෝර් හෙළ</font></b>

5
00:01:39,160 --> 00:01:41,957
මේක මීටර් 3,000ක් උස මහා හෙළක්.

6
00:01:42,040 --> 00:01:45,130
මේක මුළු මහාද්වීපෙම තියෙන ගැඹුරුම හෙළ.

7
00:01:45,600 --> 00:01:49,047
මෙහෙම දෙයක් වෙලා තියෙන්නෙ උතුරු සානුවේ උස නිසා.

8
00:01:49,130 --> 00:01:51,880
ඉතින්, අපි කොහොමද මේකෙන් එගොඩ වෙන්නේ?

9
00:01:54,260 --> 00:01:56,017
මෙතන හුළඟ හරිම සැරයි.

10
00:01:56,100 --> 00:01:58,847
අපිට පියාසර මන්ත්‍රයකින් එහා පැත්තට යන්න බැරි වෙයි.

11
00:01:58,930 --> 00:02:02,350
අපිට මීට කලිනුත් ඔය වගේම ප්‍රශ්නයක් තිබුණා නේද?

12
00:02:04,060 --> 00:02:07,367
අපි ගඟ උඩහට ගියොත් එතනින් එගොඩ වෙන්න පුළුවන් වෙයි.

13
00:02:07,450 --> 00:02:10,607
හැබැයි එතනට යන්න නම්, අපිට බෑවුම් සහිත කඳු වැටියක් හරහා යන්න වෙනවා.

14
00:02:10,690 --> 00:02:12,650
ඒක සෑහෙන්න ලොකු වට රවුමක් වෙයි.

15
00:02:13,280 --> 00:02:15,160
එතකොට ගඟ පහළට ගියොත්?

16
00:02:15,740 --> 00:02:19,910
පහළට ගියොත් මීටර් 3,000ක හෙළකුයි,
මහා සාගරයයි හම්බවෙයි.

17
00:02:20,700 --> 00:02:23,597
හැබැයි එතන දර්ශනය හරිම ලස්සනයිලු.
යමුද බලන්න?

18
00:02:23,680 --> 00:02:24,790
එපා, ස්තූතියි.

19
00:02:25,290 --> 00:02:30,800
කොහොම බැලුවත්, මේ හෙළ තරණය කරන්න
අපිට සති දෙකක් විතර යයි.

20
00:02:31,190 --> 00:02:32,887
ඒක සෑහෙන කාලයක්නේ.

21
00:02:32,970 --> 00:02:35,090
ඉතින් අපිට වෙන කරන්න දෙයක් නැහැනේ, නේද?

22
00:02:37,470 --> 00:02:39,887
සමහරවිට ඒ වැඩේ දැන් ඉවර වෙලා ඇති.

23
00:02:39,970 --> 00:02:41,570
ඔයා මොකක් ගැනද මේ කියවන්නේ?

24
00:02:42,890 --> 00:02:45,060
දැනට අපි ගඟ උඩහට යමු.

25
00:02:45,770 --> 00:02:49,160
අපේ වාසනාව හොඳ නම්, අපිට මගදි පාලමක් හම්බවෙයි.

26
00:02:55,570 --> 00:02:56,700
ෆ්‍රීරන්-සමා

27
00:02:57,240 --> 00:02:58,617
අන්න තියෙනවා.

28
00:02:58,700 --> 00:02:59,997
වාව්!

29
00:03:00,080 --> 00:03:02,757
ඒක පාලමක්ද?

30
00:03:02,840 --> 00:03:05,580
ඔව්, ඒක හදලා ඉවරයි වගේ පේන්නේ.

31
00:03:06,960 --> 00:03:08,010
ගෙහෙන්.

32
00:03:09,010 --> 00:03:11,007
කාලෙකට පස්සේ නේද, ෆ්‍රීරන්

33
00:03:11,090 --> 00:03:13,627
ඔයා කොහොමහරි පාලම හදලා ඉවර කරලා වගේ.

34
00:03:13,710 --> 00:03:14,837
ඔව්, මම ඒක කළා.

35
00:03:14,920 --> 00:03:15,970
කවුද මේ?

36
00:03:16,510 --> 00:03:17,917
මේ ගෙහෙන්.

37
00:03:18,000 --> 00:03:21,557
මේ පාලම හදන්න අවුරුදු දෙසීයක්ම කැප කරපු මිට්ටෙක්

38
00:03:21,640 --> 00:03:22,970
ඒක නම් පුදුම වැඩක්.

39
00:03:23,430 --> 00:03:25,117
ඒත් මට පුදුමයි.

40
00:03:25,200 --> 00:03:27,100
මේ වගේ හොද පාලමක් මෙතන තියෙනවා නම්,

41
00:03:27,770 --> 00:03:30,610
මෙතන වැදගත් ප්‍රවාහන මධ්‍යස්ථානයක් වෙන්න ඕනෙ නේද?

42
00:03:31,270 --> 00:03:33,480
හැබැයි මේ ගැන කිසිම ආරංචියක් නෑ.

43
00:03:34,190 --> 00:03:36,770
ඒකයි මම හිතුවේ මේක තවම හදලා නැතුව ඇති කියලා.

44
00:03:37,240 --> 00:03:41,240
ෆ්‍රීරන්, ඇත්තටම මෙතන එක ප්‍රශ්නයක් තියෙනවා.

45
00:03:51,500 --> 00:03:56,797
පෙනුනා වගේම, යෝධ පක්ෂි රාක්ෂයෝ මේ පැත්තේ මහා සැර හුළඟක් ඇති කරනවා.

46
00:03:56,880 --> 00:04:01,217
කලින් දවසක රන් දේශය හොයන් යන්න ආපු වෙළෙන්දෝ කණ්ඩායමක්,

47
00:04:01,300 --> 00:04:03,487
එයාලගේ කරත්තත් එක්කම හුළඟට ගහගෙන ගියා.

48
00:04:03,570 --> 00:04:07,020
ඒ මදිවට, උන් දිගටම එක දිගට මතු වෙනවා.

49
00:04:07,560 --> 00:04:10,520
පේන විදිහට උන් මේ කිට්ටුව ලොකු කූඩුවක් හදලා .

50
00:04:11,150 --> 00:04:14,320
උන් නිසා, මේ පාලමෙන් දැන් වැඩක් නැති තරම්.

51
00:04:15,160 --> 00:04:18,910
වාසනාවකට වගේ, ඒ කූඩුව තියෙන්නේ මේ පැත්තෙමයි.

52
00:04:19,779 --> 00:04:22,160
ඔයාට මේ ගැන මොනවා හරි කරන්න පුළුවන්ද?

53
00:04:22,780 --> 00:04:26,120
මම මගේ ජිවිතෙන් අවුරුදු දෙසීයක මේ පාලම හදන්න වැය කළා.

54
00:04:26,620 --> 00:04:27,500
ඉතින් අපේ තෑග්ග මොකක්ද?

55
00:04:27,970 --> 00:04:31,250
පෑන්කේක් එකක් හරියටම අනිත් පැත්ත හරවන්න පුළුවන් මන්ත්‍රයක්.

56
00:04:31,920 --> 00:04:33,587
ඒකට ඕන කරන දේවල් මගේ ළඟ තියෙනවා.

57
00:04:33,670 --> 00:04:36,820
හෙට උදේට ඔයාලට සුපිරි උදේ කෑමක් කන්න පුළුවන්.

58
00:04:38,150 --> 00:04:39,570
අපි ඒකට එකඟයි.

59
00:04:49,200 --> 00:04:52,087
ගෙහෙන් කියපු විදිහට, කූඩුව තියෙන්න ඕනේ මේ හරියේ.

60
00:04:52,170 --> 00:04:54,190
මේක ඇත්තටම ලොකු බෑවුම් පාරක්.

61
00:04:54,690 --> 00:04:56,397
කල්පනාවෙන් අඩිය තියන්න.

62
00:04:56,480 --> 00:04:58,690
වැටුණොත් සවලෙන් එකතු කරන්න වෙන්නෙ.

63
00:05:12,500 --> 00:05:16,840
ඒක නෙමේ, ඇයි ගෙහෙන් මේ වගේ කැලෑවක පාලමක් හැදුවේ?

64
00:05:18,310 --> 00:05:20,720
සමහරවිට එයාගේ හිතේ තියෙන පසුතැවීම නිසා වෙන්න ඇති.

65
00:05:21,510 --> 00:05:24,427
මම හිතුවේ මේ පාලම තාම හදනවා කියලා.

66
00:05:24,510 --> 00:05:25,720
ඒක හරිම අවාසනාවන්තයි.

67
00:05:26,560 --> 00:05:28,390
කවද්ද මේක හදලා ඉවර කරන්න හිතාගෙන ඉන්නේ?

68
00:05:28,890 --> 00:05:31,147
මට හිතෙන් නෑ කවදාවත් මේක ඉවර වෙයි කියලා.

69
00:05:31,230 --> 00:05:33,670
මේක හදන්න මගේ ළඟ තියෙන සල්ලිත් ඉවරයි.

70
00:05:34,980 --> 00:05:37,147
මට මං ගැනම කලකිරීමක් තියෙන්නේ.

71
00:05:37,230 --> 00:05:40,360
මට ඕනෑ තරම් කාලය තිබුණත්...

72
00:05:40,990 --> 00:05:45,120
ගෙහෙන්, ඇයි ඔයා මේ වගේ තැනක පාලමක් හදන්නේ?

73
00:05:46,700 --> 00:05:50,207
මම ඉස්සර ජීවත් වුණේ මේ කිට්ටුව ගමක.

74
00:05:50,290 --> 00:05:52,000
ඒ ගමට රාක්ෂයෝ පහර දුන්නා.

75
00:05:52,750 --> 00:05:57,750
ළඟම හිටපු ආරක්ෂක සේනාව හිටියේ මේ හෙළට එහා පැත්තේ තිබුණු නගරයක.

76
00:06:00,260 --> 00:06:05,640
එදා මෙතන පාලමක් තිබුණා නම්,
මගේ ගම බේරාගන්න තිබුණා.

77
00:06:09,430 --> 00:06:11,140
කරුණාකරලා මේක පාවිච්චි කරන්න.

78
00:06:11,590 --> 00:06:16,900
අපිට මේක හම්බවුණේ රාක්ෂයෙක්ගෙන් එක ගම් ප්‍රධානියෙක්ගෙ පාරම්පරික කඩුවක් බේරලා දීලා.

79
00:06:18,150 --> 00:06:19,900
මේක හුගක් වටිනවා.

80
00:06:20,860 --> 00:06:22,107
මට මේක භාරගන්න බැහැ.

81
00:06:22,190 --> 00:06:26,820
මේකට හිලව්වට දෙන්න තරම් වටිනා දෙයක් මං ළඟ නෑ.

82
00:06:28,620 --> 00:06:30,040
ඔයා ළඟ මේ පාලම තියෙනවනේ.

83
00:06:31,790 --> 00:06:36,640
මම මේක හදලා ඉවර වෙනකොට, ඔයාලා හැමෝම මැරිලා තියෙයි.

84
00:06:39,340 --> 00:06:41,590
ෆ්‍රීරන්ට ඒ තෑග්ග ගන්න පුළුවන්.

85
00:06:43,590 --> 00:06:47,000
කරුණාකරලා මේක අවුරුදු දාහක්වත් තියෙන විදිහට හයියට හදන්න.

86
00:06:49,180 --> 00:06:52,020
හොඳයි. ඒක මට භාර දෙන්න.

87
00:07:47,170 --> 00:07:48,320
හම්බවුණා!

88
00:07:48,820 --> 00:07:50,280
උන්ව ඉවරයක් කරමු.

89
00:08:15,520 --> 00:08:16,500
ගෙහෙන්.

90
00:08:17,270 --> 00:08:19,327
අපි වැඩේ ඉවර කළා.

91
00:08:19,410 --> 00:08:21,437
ස්තූතියි, ෆ්‍රීරන්.

92
00:08:21,520 --> 00:08:26,530
දැන් ඕනි කෙනෙක්ට නිදහසේ මේ හෙළ හරහා යන්න පුළුවන්.

93
00:08:27,070 --> 00:08:29,740
ඔයා දැන් මොකද කරන්න හිතාගෙන ඉන්නේ?

94
00:08:33,200 --> 00:08:36,450
මම ඉතුරු ජීවිත කාලේ ගමේ නිදහසේ ගත කරනවා.

95
00:08:43,919 --> 00:08:45,797
අන්තිමේදි ඔයාලා ආවා නේද

96
00:08:45,880 --> 00:08:47,670
නියම වෙලාවට ආවේ.

97
00:08:48,130 --> 00:08:50,930
ඔයා ගැන සතුටුයි ගෙහෙන්. අපි අද රෑට සමරමු!

98
00:08:52,640 --> 00:08:53,850
ෆ්‍රීරන්.

99
00:08:54,930 --> 00:08:59,310
අවුරුදු දෙසීයක් කියන්නේ අලුත් ගමක්
හදන්න හොඳටම ඇති කාලයක්.

100
00:09:00,560 --> 00:09:01,580
මම දන්නවා.

101
00:09:08,820 --> 00:09:10,740
එහෙනම්, අපි යමුද?

102
00:09:26,880 --> 00:09:28,170
මොකද වුණේ?

103
00:09:28,840 --> 00:09:32,050
අපේ ගමන් වියදම්වලට තියෙන සල්ලි ඉවර වෙන්න ළඟයි...

104
00:09:32,680 --> 00:09:33,777
එහෙමද...

105
00:09:33,860 --> 00:09:36,850
මට හිතෙන්නේ නැහැ මේකෙන් සතියක්වත්
ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා.

106
00:09:39,510 --> 00:09:42,770
අනේ මන්දා, ඔයා හැමතිස්සෙම සල්ලි නාස්ති කරනවනේ.

107
00:09:43,400 --> 00:09:44,650
කොහොම වුණත්,

108
00:09:45,060 --> 00:09:48,650
මේ හිම තලාව මැද්දේ අපිට ඒ ගැන කරන්න දෙයක් නැහැනේ.

109
00:09:49,360 --> 00:09:50,900
පොඩ්ඩක් ඉන්න...

110
00:09:51,400 --> 00:09:53,530
මට මතක විදිහට මේ හරියේ...

111
00:09:56,490 --> 00:09:59,870
අපි යන පාර වෙනස් කරනවා.
 සල්ලි ටිකක් හොයාගන්න ක්‍රමයක් තියෙනවා.

112
00:10:04,040 --> 00:10:05,260
මොකක්ද මේ තැන?

113
00:10:05,730 --> 00:10:07,917
මේක නම් සාමාන්‍ය ගමක් වගේ පේන්නේ නැහැ.

114
00:10:08,000 --> 00:10:09,797
මේක ගවේෂකයන්ගේ කඳවුරක්ද?

115
00:10:09,880 --> 00:10:11,047
එන්න කොල්ලනේ!

116
00:10:11,130 --> 00:10:13,427
අදත් අපි උපරිමයෙන් වැඩ කරමු!

117
00:10:13,510 --> 00:10:15,307
එළ!

118
00:10:15,390 --> 00:10:17,307
මොකද මෙතන වෙන්නේ?

119
00:10:17,390 --> 00:10:22,890
මේක "ශුද්ධ හිම ස්ඵටික" හොයන්න ආපු අයගේ කඳවුරක්.

120
00:10:23,480 --> 00:10:25,150
ශුද්ධ හිම ස්ඵටික?

121
00:10:26,190 --> 00:10:29,867
ඒවා මේ හිම තලාවල හැදෙන විශේෂ ඛනිජ වර්ගයක්.

122
00:10:29,950 --> 00:10:32,150
ඒවායින් මායා ඖෂධ හදන්න පුළුවන්.

123
00:10:32,590 --> 00:10:36,907
ඒවා හරිම වටිනවා, මොකද ඒවා හම්බවෙන්නේ
මේ ප්‍රදේශයෙන් විතරයි.

124
00:10:36,990 --> 00:10:38,367
ආ, තේරුණා.

125
00:10:38,450 --> 00:10:42,917
එතකොට අපිත් මේවා හොයන්නද යන්නේ
ගමන් වියදම් පියවගන්න?

126
00:10:43,000 --> 00:10:45,670
ස්ටාර්ක්, ඔයා තවමත් හරිම අහිංසකයිනේ.

127
00:10:46,170 --> 00:10:50,670
ශුද්ධ හිම ස්ඵටික හොයන එක ලේසි නැහැ.
අන්න ඒ නිසයි ඒවා මෙච්චර ගණන්.

128
00:10:51,130 --> 00:10:53,300
එහෙනම් අපි කොහොමද සල්ලි හොයන්නේ?

129
00:10:54,050 --> 00:10:57,800
මේ අයගේ වෙළෙඳපොළ දිහා පොඩ්ඩක් බලන්න.

130
00:10:58,390 --> 00:11:00,330
ඔයාලට හරි අපූරු දෙයක් පෙනෙයි.

131
00:11:04,310 --> 00:11:08,060
මේකත් සාමාන්‍ය කඩපොළක් වගේමයි...

132
00:11:09,110 --> 00:11:10,440
මිල ගණන් දිහා බලන්න.

133
00:11:11,860 --> 00:11:14,070
පාන් ගෙඩියක් රිදී කාසි එකයි...

134
00:11:14,610 --> 00:11:16,820
ඒක සාමාන්‍ය ගාණ වගේ දහ ගුණයකටත් වැඩියි!

135
00:11:17,330 --> 00:11:20,247
ඒවා විකුණන්නේ  ස්ඵටික හොයලා හොඳට සල්ලි තියෙන අයට

136
00:11:20,330 --> 00:11:23,450
ඒකයි මෙහේ බඩු මෙච්චර ගණන්.

137
00:11:23,910 --> 00:11:26,420
ඒවා අනිත් ප්‍රදේශ වලට වඩා මිල අධිකයි.

138
00:11:28,330 --> 00:11:30,040
දැන් තේරුණා.

139
00:11:30,670 --> 00:11:34,260
මේ ශුද්ධ හිම ස්ඵටික මෙච්චර වටින්න
හේතු දෙකක් තියෙනවා.

140
00:11:34,840 --> 00:11:36,927
පළවෙනි එක මේවා හරිම හිඟයි.

141
00:11:37,010 --> 00:11:41,980
දෙවෙනි එක, මේවා තියෙන්නේ හරිම භයානක
රාක්ෂයෝ ඉන්න තැන්වල

142
00:11:43,060 --> 00:11:45,020
මම කියන දේ තේරෙනවද?

143
00:11:45,560 --> 00:11:47,687
බඩු මිල මෙච්චර වැඩියි කියන්නේ,

144
00:11:47,770 --> 00:11:51,257
රාක්ෂයෝ මරන වැඩවලට ගෙවන ගාණත් අනිවාර්යයෙන්ම වැඩියි කියන එක නේද?

145
00:11:51,340 --> 00:11:53,190
මම දැනගෙන හිටියා ඔයාට ඒක තේරෙයි කියලා.

146
00:11:54,400 --> 00:11:59,070
මේ පැත්තේ ගැමියෝ විතරක් දන්න
ලොකු ස්ඵටික නිධියක් තියෙනවා.

147
00:11:59,910 --> 00:12:02,620
මට ඕන කරන්නේ එතන ඉන්න රාක්ෂයව මරන්න

148
00:12:03,450 --> 00:12:04,700
තව එක දෙයක්.

149
00:12:05,250 --> 00:12:09,080
වැඩේ ඉවර වුණාම, කාටවත් එතනට එන්න බැරි වෙන්න
මායා ආවරණයක් හදන්න.

150
00:12:09,590 --> 00:12:11,007
මිනිස්සුන්ට එන්න බැරි වෙන්න?

151
00:12:11,090 --> 00:12:14,960
ඔව්, මට ඕනේ කාටවත් ඒ ප්‍රදේශයට
ඇතුළු වෙන්න බැරි වෙන්න.

152
00:12:16,130 --> 00:12:18,720
හොඳයි, අපි ඒක භාරගන්නවා.

153
00:12:19,680 --> 00:12:20,887
ඒත්,

154
00:12:20,970 --> 00:12:24,987
මිනිස්සුන්ගෙන් ආරක්ෂා වෙන්න ආවරණයක් හදන්න
කියන එක ටිකක් අමුතු ඉල්ලීමක්.

155
00:12:25,070 --> 00:12:29,667
ස්ඵටික කඩන්න මිනිස්සුයි සල්ලියි හොයාගන්න
සෑහෙන කාලයක් යනවා.

156
00:12:29,750 --> 00:12:36,400
ඉතින් හොරුන්ට හොරකම් කරන්න බැරි වෙන්න
තැනක් වහලා දාන එක සාමාන්‍ය දෙයක්.

157
00:12:38,110 --> 00:12:40,740
කොහොම හරි, අපි ගිහින් අර රාක්ෂයව මරමු.

158
00:12:57,170 --> 00:12:58,510
හම්බවුණා.

159
00:12:58,970 --> 00:13:00,757
ඌ මාර ලොකු එකෙක්නේ!

160
00:13:00,840 --> 00:13:02,587
පොඩ්ඩක්වත්  අවධානය අඩු කරගන්න එපා.

161
00:13:02,670 --> 00:13:05,137
මේ වැඩේ අපිට ආවා කියන්නේ,

162
00:13:05,220 --> 00:13:08,390
කඳවුරේ ඉන්න අයට ඌව මරන්න බැරි වුණා කියන එකයි.

163
00:13:08,850 --> 00:13:10,640
පරෙස්සමෙන්, නැත්නම් ඉවරයි.

164
00:13:11,440 --> 00:13:14,440
වැඩේ අමාරු තරමට තමයි තෑග්ග වටින්නේ, නේද?

165
00:13:15,800 --> 00:13:17,250
හරි, යමු ඌව ඉවර කරන්න.

166
00:13:53,520 --> 00:13:56,317
ඌ අපේ මානා වලට ප්‍රතිචාර දක්වන්නේ.

167
00:13:56,400 --> 00:13:57,570
මාර කරදරයක්නේ.

168
00:14:01,820 --> 00:14:03,660
ඌ මාර වේගවත්!

169
00:14:07,370 --> 00:14:08,580
ස්ටාර්ක්!

170
00:14:09,010 --> 00:14:10,080
දුවන්න!

171
00:14:10,750 --> 00:14:12,460
මගේ ළඟ හොඳ සැලසුමක් තියෙනවා.

172
00:14:13,750 --> 00:14:14,960
හරි, මට බාරදෙන්න!

173
00:14:18,170 --> 00:14:19,420
මට මීට වඩා උඩට යන්න වෙනවා.

174
00:15:26,990 --> 00:15:29,790
ඌ ඇත්තටම සෑහෙන්න ශක්තිමත්.

175
00:15:34,870 --> 00:15:36,207
ෆ්‍රීරන්-සමා?

176
00:15:36,290 --> 00:15:37,330
සද්ද කරන්න එපා.

177
00:15:40,000 --> 00:15:41,470
මොකද වෙන්නේ?

178
00:15:42,030 --> 00:15:45,647
අපි මැරුවේ මේ පළාතේ නායකයා.

179
00:15:45,730 --> 00:15:50,347
උගේ මානා අඩු වෙනවා දැකලා අනිත් රාක්ෂයෝ මෙතනට රැස් වෙනවා.

180
00:15:50,430 --> 00:15:52,557
දැන් අපි මොකද කරන්නේ, ෆ්‍රීරන්?

181
00:15:52,640 --> 00:15:55,930
මට පුළුවන් ඔය දෙන්නවත් උස්සගෙන දුවන්න.

182
00:15:56,440 --> 00:15:57,690
දැන් ඒකට පරක්කු වැඩියි.

183
00:15:58,690 --> 00:16:00,060
අපි වට වෙලයි ඉන්නේ...

184
00:16:01,400 --> 00:16:03,317
කොහොම වුණත්,

185
00:16:03,400 --> 00:16:07,070
මුන් ඔක්කොම මැරුවේ නැත්නම් අපිට සල්ලි හම්බවෙන්නේ නැහැ.

186
00:16:07,530 --> 00:16:09,450
ඔයාට ඒකට මානා තියෙනවද?

187
00:16:09,950 --> 00:16:11,530
මට පුළුවන් වෙයි.

188
00:16:13,120 --> 00:16:14,620
වෙන කරන්න දෙයක් නැහැ.

189
00:16:29,470 --> 00:16:31,090
නෝම් නයිට් බලකාය

190
00:16:33,600 --> 00:16:37,730
රාක්ෂයෝ අමුතු විදිහට හැසිරෙනවා දැකලයි අපි ආවේ,

191
00:16:38,140 --> 00:16:40,047
හැබැයි ඔයාලව මෙතන දකියි කියලා හිතුවේ නැහැ.

192
00:16:40,130 --> 00:16:42,730
ස්තූතියි. ඔයාලා අපේ පණ බේරගත්තා.

193
00:16:43,230 --> 00:16:45,330
අපි තමයි ඔයාලට ස්තූති කරන්න ඕනේ.

194
00:16:47,110 --> 00:16:49,280
අපිට නෝම් සභාපතිතුමාගෙන් වාර්තාවක් ලැබුණා.

195
00:16:49,990 --> 00:16:51,950
ඔයාලා අපිට ලොකු උදව්වක් කළා.

196
00:16:53,370 --> 00:16:55,450
දැන් අපි දෙගොල්ලොම සමයි.

197
00:16:59,390 --> 00:17:00,460
අපි ගිහින් එන්නම්.

198
00:17:03,130 --> 00:17:06,707
වාව්, මේ වගේ දුෂ්කර තැනකත් එයාල ඉන්නවා

199
00:17:06,790 --> 00:17:11,800
එයාල තමයි නෝම් පාලනය යටතේ තියෙන
ප්‍රදේශ ආරක්ෂා කරන කණ්ඩායම.

200
00:17:14,550 --> 00:17:18,020
පේන විදිහට උතුරු සානුවත් හෙමින් සැරේ වෙනස් වෙනවා.

201
00:17:20,020 --> 00:17:21,980
දැනටමත් ගොඩක් කරුවල වෙලා.

202
00:17:22,520 --> 00:17:24,520
අද රෑට අපිට මෙතනම නවතින්න වෙයි.

203
00:17:32,490 --> 00:17:35,037
ෆ්‍රීරන්-සමා , දැන් එළිය වැටිලා.

204
00:17:35,120 --> 00:17:36,120
දැන් නැගිටින්න.

205
00:17:38,700 --> 00:17:40,620
තව පැය පහක් විතර...

206
00:17:41,370 --> 00:17:42,750
ඔයා මෙතන සීතලේ ගල් වෙලා මැරෙයි!

207
00:17:47,380 --> 00:17:49,260
ඒක නෙවෙයි, අන්න අතන බලන්න.

208
00:17:50,800 --> 00:17:53,717
උදේ හිරු රශ්මිය අර ස්ඵටික නිධියට වැටෙනවා.

209
00:17:53,800 --> 00:17:54,890
ඒක හරිම ලස්සනයි!

210
00:17:58,100 --> 00:17:59,310
ඇත්තටම ඒක හරිම ලස්සනයි.

211
00:18:02,440 --> 00:18:06,400
අපේ අරමුණ වුණේ ගමන් වියදම්වලට සල්ලි හොයන එක වුණත්,

212
00:18:06,980 --> 00:18:09,947
මම හිතුවේ නැහැ මෙච්චර ලස්සන දර්ශනයක් දකියි කියලා.

213
00:18:10,030 --> 00:18:12,030
පුදුම ලස්සනක්.

214
00:18:12,510 --> 00:18:16,120
යක්ෂ රජු මරන්න මේ වගේ හේතුවක් හොඳටම ඇති.

215
00:18:19,990 --> 00:18:22,207
අපි යක්ෂ රජුව පරාද කළොත්,

216
00:18:22,290 --> 00:18:26,960
හැමෝටම මේ වගේ ලස්සන දේවල් බලන්න පුළුවන්
කාලයක් උදා වෙයි.

217
00:18:30,130 --> 00:18:32,887
හැමෝටම නෙවෙයි වෙන්න ඇති,

218
00:18:32,970 --> 00:18:37,470
හැබැයි හුගක් අයට මේ දර්ශනය බලන්න පුළුවන්
කාලය දැන් ඇවිත් තියෙන්නේ.

219
00:18:38,720 --> 00:18:40,140
ඒක පුදුම හැඟීමක්.

220
00:18:42,890 --> 00:18:45,017
ඇත්තටම මේක හරිම ලස්සනයි.

221
00:18:45,100 --> 00:18:46,310
ඔව්.

222
00:18:47,360 --> 00:18:50,820
හැබැයි මිනිස්සු ඇවිත් මේක කඩලා අරන් යයි.

223
00:18:51,360 --> 00:18:55,700
ඒක ටිකක් දුක හිතෙන වැඩක්, ඒත් කාලයත් එක්ක හැමදේම වෙනස් වෙනවා.

224
00:18:57,410 --> 00:19:01,580
හරි, අපි තව ටිකක් වෙලා මේක බලලා,
මායා ආවරණය දාලා යමු.

225
00:19:03,750 --> 00:19:05,830
ස්තූතියි, ඔයාලා ලොකු උදව්වක් කළේ.

226
00:19:06,500 --> 00:19:08,170
මෙන්න පොරොන්දු වුණු තෑග්ග.

227
00:19:09,920 --> 00:19:12,210
දැන් මට ඒ නිධිය ආරක්ෂා කරන්න පුළුවන්.

228
00:19:12,750 --> 00:19:16,220
ආරක්ෂා කරන්න? ඒක සල්ලිවලට විකුණන්න නෙවෙයිද?

229
00:19:16,760 --> 00:19:19,510
මම මේ පළාතේ ගවේෂකයෙක්.

230
00:19:20,680 --> 00:19:24,560
මම මේ රස්සාව තෝරගත්තෙ අර ලස්සන දර්ශනය දැකපු දවසේ ඉඳල

231
00:19:27,520 --> 00:19:28,620
ඔයාලට ගොඩක් ස්තූතියි.

232
00:19:29,150 --> 00:19:31,820
ඔයාලා මගේ උපන්බිමේ තියෙන මේ ස්වභාවික
සුන්දරත්වය රැකලා දුන්නා.

233
00:19:33,360 --> 00:19:34,690
තේරුණා.

234
00:19:39,830 --> 00:19:42,910
කාගේ හරි ගෙදරක් ආරක්ෂා කරනවා කියන එක
මාර වටිනවා නේද?

235
00:19:43,830 --> 00:19:45,080
ඔව්, ඒක ඇත්ත.

236
00:19:47,040 --> 00:19:49,267
 මම දැන් හිතනකොට,

237
00:19:49,350 --> 00:19:52,710
හයිටර්-සමාත් මගේ "ගෙදර" ආරක්ෂා කළා කියලා මට හිතෙනවා.

238
00:19:54,840 --> 00:19:58,260
යුද්ධය නිසා මගේ ගම මට නැති වුණත්,

239
00:19:58,780 --> 00:20:02,810
එයා නිසා මගේ වටිනා මතකයන් ටිකවත් මට බේරුණා.

240
00:20:10,690 --> 00:20:11,820
මටත් එහෙමයි.

241
00:20:12,730 --> 00:20:15,987
මම ගමෙන් පැනලා ආපු හැටි ඔයාට කිව්වම,

242
00:20:16,070 --> 00:20:20,950
ඔයා ඒක වැඩක් නැහැ කියලා මාව විශ්වාස කළා.

243
00:20:22,780 --> 00:20:23,830
ඒ ගැන කිව්වොත්,

244
00:20:24,540 --> 00:20:27,377
ඔයා හැමවෙලේම මාව දිරිමත් කරනවා වගේ මට හිතෙනවා.

245
00:20:27,460 --> 00:20:28,500
ඒ ඇයි?

246
00:20:35,840 --> 00:20:38,390
මොකද ෆ්‍රීරන්-සමාත් එහෙම කරනවා කියලා මම දන්නවා.

247
00:20:58,860 --> 00:21:00,237
ෆ්‍රීරන්-සමා !

248
00:21:00,320 --> 00:21:03,600
 ඔයා ඇයි මෙච්චර ගණන් තැනකින් මායා බඩු ගත්තේ?

249
00:21:04,240 --> 00:21:06,577
මේක හරිම දුර්ලභ එකක්...

250
00:21:06,660 --> 00:21:09,960
පේන විදිහට අපේ සල්ලි ප්‍රශ්නය තවම ඉවර නැහැ වගේ...

251
00:21:11,580 --> 00:21:15,167
මම මේක බලාපොරොත්තුවෙන් හිටියේ. ඉතින් මම සල්ලිවලින් භාගයක් හැංගුවා.

252
00:21:15,250 --> 00:21:16,550
ඇත්තටමද?

253
00:21:17,210 --> 00:21:18,800
නියමයි, ෆෙරන්

254
00:21:20,260 --> 00:21:22,430
ඔයා වගේ ගෝලයෙක් ඉන්න එක ගැන මට ආඩම්බරයි.

255
00:21:24,260 --> 00:21:25,770
එයාට ඒක ඇතිද?

256
00:21:57,880 --> 00:21:59,800
එහෙනම්, අපි යමුද?

257
00:22:05,470 --> 00:22:08,220
මේ දෙවන පන්තියේ මායාකාරියක් වන ඊඩෙල්.

258
00:22:09,270 --> 00:22:11,350
එයා විශේෂඥයෙක් වෙන්නේ හැඟීම් ආශ්‍රිත මායාවලටයි.

259
00:22:12,310 --> 00:22:16,010
මේ තැන ආපහු පරීක්ෂා කරන්න මම එයාට එන්න කිව්වා.

260
00:22:16,520 --> 00:22:21,740
එයා හොයාගත්ත තොරතුරු ඔයාලට ලොකු උදව්වක් වෙයි.

261
00:22:23,440 --> 00:22:25,110
ඩෙන්කන්, ඔයාගේ අත දෙන්න.

262
00:22:25,700 --> 00:22:27,740
මම මගේ මතකයන් ඔයාට මාරු කරන්නම්.

263
00:22:30,290 --> 00:22:31,390
හොඳයි.

264
00:22:40,880 --> 00:22:43,130
වගකීම දැන් භාර දීලා ඉවරයි.

265
00:22:45,180 --> 00:22:50,807
ඔයාගේ රාජකාරිය රන් දේශය වහලා තියෙන
මායා ආවරණය පාලනය කරන එක

266
00:22:50,890 --> 00:22:54,770
කරුණාකරලා අනවශ්‍ය දේවල් කරන්න යන්න එපා.

267
00:23:01,530 --> 00:23:02,760
ඩෙන්කන්.

268
00:23:04,110 --> 00:23:06,060
ඔයා අර සොහොන බලන්න යන වැඩේ අතඇරලා දාන්න.

269
00:23:07,620 --> 00:23:09,260
මම ඒක දන්නවා.

270
00:23:14,080 --> 00:23:15,990
එයා ලෑස්ති වෙන්නේ මැරෙන්න

271
00:23:17,500 --> 00:23:19,420
මට එයා ගැන ටිකක් ඉරිසියත් හිතෙනවා.

272
00:23:20,250 --> 00:23:24,090
මට කවදාවත් සීරී-සමාගේ අණට පිටින් යන්න බැහැ.

273
00:23:27,760 --> 00:23:31,850
අපේ හතුරා විනාශයේ මුනිවරු හත්දෙනගෙන අන්තිම සහ ප්‍රබලම

274
00:23:32,770 --> 00:23:35,060
රන් දේශයේ "මාච්ට්"

275
00:23:37,400 --> 00:23:41,860
රත්තරන් බවට පත්වුණු තමන්ගේ උපන්බිම බේරගන්න
මාච්ට් එක්ක සටන් කරන එක...

276
00:23:43,070 --> 00:23:47,910
හරියට එයා හරියට සුරංගනා කතාවක එන වීරයෙක් වගේ.

